Friday, March 29, 2024

කලකට පසු පේක්ෂකයන් පිනවූ කුසල් හා ප්‍රසන්න..

අයර්ලන්තයට එරෙහිව පැවැති දෙවැනි තරගයත් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණ 377 ක් රැස්කළා.

මෙහිදි කලකට පසු අගනා පිතිහරඹයක නිරත වුනු කුසල් ජනිත් පන්දු 126 කදි හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් සමගින් වේගවත් ලකුණු 135 ක් රැස් කළා.

ඔහුට අනගි සහායක් ලබාදෙමින් සීකුගේ ප්‍රසන්න වේගවත් ලකුණු 95 ක් ලබාගත්තේ පන්දු 46 කදි හයේ පහර 9 ක් සහ හතරේ පහර 5ක් සමගයි.

ලකුණු 377 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 45ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 241ක් පමණයි.

පන්දු යැවීමේදි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු 4ක් දවා ගත්තා.

කෙසේ වෙතත් තරගය ලකුණු 136 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles