Friday, April 26, 2024

“කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි, මට LPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කිසිදු අදහසක් නැත.” – රෝහිත ටිවිටර් සටහනක් තබමින් කියයි

තමන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රෝහිත රාජපක්ෂ LPL Dambulla Giants කණ්ඩායමට ක්‍රීඩා කරන බවට පැතිර යන ආරංචිය ගැන සිය ට්විටර් ගිණුමින් දන්වා ඇති ඔහු මීට මාස එකහමාරකට පෙර ඔක්තෝබර් මාසයේ ඒ ගැන කර තිබූ ප්‍රකාශයක් නැවත සිහිකැඳවමින් එම පුවත ප්‍රතික්ෂේප කර ඇත.

දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බව ඔහු පැවසීය.

තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරයි.

මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ‍ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

සමාජ මාධ්‍ය කලබන පින්තුර එකතු කර තිබෙනේ දබුල්ල කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුව විසින් වන අතර ඒ ඔවුන්ගේ අන්තර් සංචිත පුහුණු තරගයක් යන මාතෘකාව යටතේ. පසුම එම පින්තුර කිහිපයක් ඉවත් කරගෙනද තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරනවා. දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බවයි ඔහු කියන්නේ.

තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරනවා. මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ‍ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බව අනිවාර්යයි ඔහු කියා සිටිනවා.

“කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි, මට LPL තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට කිසිදු අදහසක් නැත.”

උපුටා දැක්වීම ට්වීට්

රෝහිත එසේ කීවද ඊයේ දින Dambulla Giants කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබුනේ ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින ඡායාරූප කිහිපයකි. ඔහුගේ අංකය 07 වන අතර ටීෂ්ර්ට් එකේ තිබුනේ චිචී 07 ලෙසිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles