Friday, March 29, 2024

කසක්ස්ථාන ගැටුමට විදේශ අන්තවාදින් පිරිසක් සම්බන්ධ වෙයි

කසක්ස්ථාන‍යේ පසුගියදා සිදුවූ විරෝධතා, ප්‍රචණ්ඩකාරී කැරැල්ලක් බවට පරිවර්තනය වීමට විදේශයන්හි සිට පැමිණි අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් සම්බන්ධ වී සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.

එරට විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇෆ්ගනිස්තානයට සහ පකිස්තානයට සම්බන්ධ ඉස්ලාම් අන්තවාදී කල්ලි සාමාජිකයන් පිරිසක් මෙම මැදිහත්වීම සිදුකර ඇත. මෙම පිරිස නගරවල සටන්කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලැබූ පිරිසක් බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඉන්ධන මිල ඉහළයාම ඇතුළු හේතු කිහිපයක් පදනම් කරගෙනයි කසකස්තානයේ පසුගියදා මෙම විරෝධතා ව්‍යාපාර හටගත්තේ. පසුව එම විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් අතර එය පාලනය කිරීම සදහා රුසියාවෙන් පවා විශේෂ හමුදා කණඩායමක් කැදවා තිබෙනවා. 

විරෝධතා පාලනය කිරීමේදී පුද්ගලයන් 160 ක් පමණ මියගිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles