Friday, March 29, 2024

ක්ෂය රෝගය පාලනයට ශ්‍රී ලංකාව සමත් වෙයි

ශ්‍රී ලංකාව සිය බහු ආංශික උපාය මාර්ග ඔස්සේ මෙරට ක්ෂය රෝගය පාලනය කිරීමට සමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දෙයි.

වසර 2030 වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට කැප වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය රටවල්හි ඒ්කාබද්ධ ප්‍රකාශනයක් සඳහා ඊයේ (26) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සමුළුවකදී අමාත්‍ය රඹුක්වැල්ල  මේ බව කීය.

ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියකින් යුත් ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය මර්දනය සඳහා විවිධ වැඩපිළිවෙලවල් රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ඉහළම ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ක් රටෙහි ජනතාවට ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණ පා ඇතැයිද ඒ් අනුව වාර්ෂිකව තවමත් ශ්‍රී ලංකාවෙන් රෝගීහු 8000 ක් පමණ වාර්තා වන්නේ යැයිද අමාත්‍යවරයා කීය.ක්ෂය රෝගයට ගොදුරු වූ පවුල් වල පිරිස් හට වන බලපෑම නොසලකා හැරිය නොහැකි යැයිද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර,වතුකරය,නාගරික දිළිඳු ,අභ්‍යන්තර හා බාහිර ශ්‍රමිකයන් මෙහි අවදානම් කණ්ඩායම් අතර ඉලක්ක ගත පිරිස යැයිද මෙය පාලනය සඳහා සන්නිවේදන උපාය මාර්ග හරහා ක්ෂය රෝගයට එරෙහිව කටයුතු කිරිමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය.

ක්ෂය රෝගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අංශයේ සහය ලැබෙන බවද අවශ්‍යතා ඇති රෝගීන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීම සඳහා ආධාර සැපයීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා එක්ව සිටින බවද හෙතෙම කීය. එම රෝගය පාලනය සඳහා රාජ්‍ය නොවන හා ප්‍රජා පාදක සංවිධාන වල දායක්වය ඉමහත් යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම රෝගය තුරන් කිරීම සඳහා ගෝලීය වශයෙන් ලැබෙන මූල්‍යමය දායකතවයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහයත් ශ්‍රී ලංකාවට ලැබෙන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.කලාපීය වශයෙන් අප සැමගේ උත්සාහය සාර්ථකත්වයේ සාමූහික උත්සාහයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles