Saturday, April 20, 2024

කීත් නොයාර්ට පහරදුන් රාජපක්ෂ පාලනයේ මැරයන් – 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන තුන්  වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය  නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බාරයේ සිටි සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අද අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේ මුහුණු ආවරණ රහිතවය. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ රැඳවුම් ලේඛනයේ විශේෂ ආරක්ෂාවක් සැලසීම පමණක් සදහන් කර තිබුණ ද ආවරණ සහිතව පෙරට්ටුවක් සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් නියෝගයක් නොතිබුණු බවයි.

සැකකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොවන ආකාරයෙන් ඡායාරූප සහ වීඩියෝ පටි ප්‍රදර්ශනය කරන ලෙස අධිකරණය මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles