Friday, March 29, 2024

කුකුළු මස් සහ බිත්තර මිල ගණනුත් ඉහළට

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 25ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ නිලධාරියෙක් පැවසුවේ සුදු බිත්තරයක් රුපියල් 22 කට සහ රතු බිත්තරයක් රුපියල් 23 කට තොග මිලට ඊයේ බිත්තර අළෙවි වූ බවයි.

කොළඹ ප්‍රදේශයට බිත්තර තොග සපයන බිත්තර නිෂ්පාදකයෙක් පැවසුවේ බිත්තරයක් රුපියල් 21 බැගින් ලබාදිය හැකි බවයි.

බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙළඳුන් පවසනුයේ බිත්තර හා කුකුල් මස් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මේ අතර කුකුල් මස් මිල පානය ඉවත් කිරීමෙන් පසුව කුකුල් මස් මිල ද ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. පාලන මිල යටතේ රුපියල් 460 ක්ව පැවැති කුකුල් මස් කිලෝවක් මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 660 ත් 710 ත් අතර මිලකට අළෙවි වන බව වාර්තා වේ.

බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි.

මිල ඉහළ යාමත් සමග බිත්තර කුකුල් මස් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වෙළඳුන් වැඩි දුරටත් පවසති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles