Friday, March 29, 2024

කුකුළු විද්‍යා සංගමයේ වාර්තාව

මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය මේ වන විට සියයට 50කටත් වඩා අඩු වී ඇතැයි ලෝක කුකුළු විද්‍යා සංගමය පවසනවා. එහි ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලෙගම පැවසුවේ 2020 වර්ෂය වන විට මෙරට ඒකපුද්ගල බිත්තර පරිභෝජනය 133ක මට්ටමක තිබූ බවයි. මේ වන විට එය 50ක් දක්වා පහළ බැස ඇතැයි තොරතුරු පවතින බව ඔහු කියා සිටියා.

රජය මගින් පාලන මිලකට බිත්තර අලෙවි කරන බව පැවසූවද එවැනි තැන් සොයාගන්නට නැතැයි පාරිභෝගිකයන් මැසිවිලි නගන්නේ. ඒමෙන්ම බිත්තරය සිල්ලර මිල රු. 65 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක බිත්තර යොදන අනෙකුත් ආහාර ද්‍රව්‍ය වල මිලද ඉහළ ගොස් තිබෙනවා.

පවතින බිත්තර හිඟය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේ ආනයනික පළමු බිත්තර තොගය ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බවයි. කෙසේ වෙතත් ආයනයනික බිත්තර මිල මෙතෙක් තීරණය කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles