Friday, April 26, 2024

කුසල් ජනිත්ට ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ අවස්ථාව

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඕමානයට එරෙහි 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහුගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇ‍ත.

ආබාධය නිසා ඔහුට එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතු වී තිබුණ ද අද පස්වරුවේ ලැබුණු වෛද්‍ය පරීක්ණවල ප්‍රතිපල අනුව එවැනි අවධානමක් නොමැති බවට තහවුරු වී ඇත.

ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංකට එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවට වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles