Friday, March 29, 2024

කෘෂිකර්මය ගැන ඇමතිවරයා එක්ක කතා කළත් ප්‍රතිචාරයක් නැහැ. රාජ්‍ය ඇමතිවරැ මට මඩ ගහනවා – මෛත්‍රී

කෘෂිකර්මාන්තය පිළිබඳව තමන් ඇමතිවරයා සමග සාකච්ඡා කල බවත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් දැන් ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට මඩ ප්‍රහාර එල්ලකරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

පොළොන්නරුව බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් පවත්වන උපාවසයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

හෙට සිදුවන දේ පිළිබඳව අද දැකීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

“ගොවියා ගැන මම කොච්චර නම් මේ ආණ්ඩුව එක්ක කතා කරාද ඒ කතා කරත්  මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ ඒ විතරක් නෙමෙයි කෘෂිකර්ම ඇමැතිවරයා නියරක යන්ඩ දන්න කෙනෙකුත් නෙමෙයි.

මම කීප වතාවක්ම කෘෂිකෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා නමුත් යහපත්  ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ  කියලා. ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරු මට මඩ ගහන්නේ. ඒවා  මම ගණන් ගන්නේ නෑ.

“මගේ ආණ්ඩුව කාලෙත් ඇමතිවරු මන්ත්‍රීවරු ඒ අයගේ මතය ඉදිරිපත් කළා. එහෙම කළා කියලා බරපතළ දේශපාලන අර්බුදයකට යන්නේ නෑ. හෙට වෙන දේ මොකක්ද කියලා අපිට අද කියන්න බෑ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දවස්වල කරන්නේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන එක. මේ කාලය තුළ අපි අවුල් හදාගන්න හොඳ නෑ. මොකද රට නරක තැනක තියෙන්නේ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles