Thursday, April 25, 2024

කෙල්ලන් නිරුවත් කරන අධ්‍යක්ෂක කොටුවෙයි..!

චිත්‍රපටවලට සහ ගීත වීඩියෝ සඳහා තරුණියන්ට අවස්ථාව ලබාදෙන බව පවසමින් ඔවුන් නිරුවත් කර වීඩියෝ ගතකිරීමට උත්සහකල පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුවත්පත් දැන්වීම් මගින් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සහ තිර පරීක්ෂණ සඳහා ගෙන්වාගෙන ඇත්තේ මේ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ විසින්ය. ඉන් පසුව තරුණියන්ට කැමරාව ඉදිරිපිට නිරුවතින් නර්තනයේ යෙදෙන ලෙස අණදී ඒවා විඩීයෝ ගතකිරීම ඔහුගේ අරමුණවී ඇත. කෙසේ වෙතත් බණ්ඩාරගම පොලීසියට ලැබුණු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැබෑ ලෙසම ටියුෂන් ගුරුවරයෙක්වන මොහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස පෙනී සිට ඇත. තරුණියන් කිහිපදෙනෙක් මෙන්ම තරුණයෙක්ද මෙලෙස නිරුවතින් රංගනයේ යෙදවීමට ඔහු උත්සහකර ඇත.

මින් පෙරද අවස්ථා කිහිපයකම මෙවැනි ලිංගික අසහනකාරී පුද්ගලයන් අධ්‍යක්ෂකවරුන් ලෙස තරුණියන් නිරුවත්කර එම වීඩියෝ අන්තර්ජලායට පවා මුදාහැර තිබුණි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

[email protected]

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles