Friday, April 19, 2024

කොටස් 100 ඉක්ම වූ නාට්‍යවලට සම්බන්ධ නොවීම මගේ ප්‍රතිපත්තියක්

ඇය වරෙක තත්පර ගණනක වෙළෙඳ දැන්වීමකින් රටටම අමතක නොවන මතකයක් ඉතිරි කළ පුංචි සුරතලියකි. තවත් වරෙක පෙරළිකාර, නිතර දක්නට නොලැබුණත්, කාලාන්තරයකට මතක සිටින චරිතවලට පණදෙන ඇය සුජානි මේනකායි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ගොඩක් පරිස්සම් වෙලා අත්‍යවශ්‍ය කටයුතුවලට විතරක් සහභාගි වෙමින් කාලය ගත කරනවා.

කාලයක් රංගන ජීවිතයෙන් ඈත්වෙලා නැවතත් රංගනයට පිවිසීම තුළ ඔබව රසිකයන්ගේ මතකයේ රැඳෙන්න බා’ධා’වක් වුණාද?

කොහොමත් එවැනි බා’ධා’කාරී තත්ත්වයක් පැන නැඟුණේ නැහැ. මේ දවස්වල අප රඟපාපු පරණ නාට්‍ය නැවතත් විකාශය වෙනවා. ඒ පිළිබඳව රසිකයන්ගේ කතාබහට ල’ක්වු’ණා. වෙළෙඳ දැන්වීම්වලින් වගේම සමාජ ජාලා ඔස්සේ නිතර මාව දකින නිසා එවැනි තත්ත්වයක් පැනනැඟුණෙ නැහැ. නමුත් අවුරුදු 2කින් රංගන කටයුතුවල නොයෙදුණු නිසා රඟපෑමේදී පුංචි චකිතයක් මට දැනෙනවා. ඒක අලුතින් රඟපාන්න ආවා වගේ හැඟීමක්.

ඔබ රඟපෑම් කටයුතුවලින් ඈත් වුණේ ගුණාත්මක නිර්මාණයකට ආරාධනා නොලැබුණු නිසාද?

ඒකට හේතු කිහිපයක් තිබුණා. පෞද්ගලික ජීවිතේ කාරණා කිහිපයක් නිසා වසරක පමණ විවේකයක් මට අවශ්‍ය වුණා. එකී කාලයේ මට ආරාධනා ලැබුණු ටෙලි නාට්‍ය, චිත්‍රපට සියල්ලම මං ප්‍’රතික්‍’ෂේප කළා. අඩුම තරමේ ඒ නිර්මාණ මොනවද කියාවත් මං සොයා බැලුවේ නැහැ.

එකී විවේකයෙන් පසුව මට හොඳ නිර්මාණයකට දායක වීමේ අවශ්‍යතාව පැනනැඟුණා. චිත්‍රපට 3කට ආරාධනා ලැබුණා වගේම එහි මුහුරත් උළෙලවල් පවා පැවැත්වූවා. නමුත් කොරෝනා තත්ත්වය නිසා ඒවායේ වැඩකටයුතු ඇනහිටියා.

මෙගා නාට්‍යවලට සම්බන්ධ නොවීම සුජානි – බිමල් දෙදෙනාගේ පවුලේ ප්‍රතිපත්තියක්ද?

එහෙම නැහැ. ඒක මගේ පෞද්ගලික මතයක්. මෙගා නාට්‍යයක් දීර්ඝ කාලයක් ඇදෙනකොට එහි ගුණාත්මක බව අඩුවෙනවා. තිබ්බා, ගැ’හු’වා ක්‍රමයට නාට්‍ය හැදෙනකොට රඟපෑමේ ආශාව අඩුවෙනවා. රංගනය මං ආසාවෙන්, ආදරයෙන් කරන වෘත්තියක්. කොටස් 100 ඉක්ම වූ නාට්‍යවලට සම්බන්ධ නොවීම මගේ ප්‍රතිපත්තියක්.

වෘත්තීයමය රංගන ශිල්පිනියක් විධියට එවැනි තෝරාබේරා ගෙන නිර්මාණවලට දායකවීම තුළ යහපත් ආර්ථික තත්ත්වයක් ගොඩනඟාගන්න පුළුවන්ද?

එය බෙහෙවින්ම අ’සී’රු කාර්යයක්. නමුත් මම වගේම බිමලුත් රංගන කටයුතුවලට දායක වෙන නිසා එය තරමක් සමබර කරගන්නවා.

කලාවට පිවිසෙන්න පවුලේ ආභාසය බ’ලපෑ’වා නේද?

ඔව්. මගේ පියා චිත්‍රපට කලා අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු සරත් සමරවික්‍රම දහනායක. පිය ආභාසය නිසයි මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ. තාත්තාට අවශ්‍යතාවක් තිබිලා තියෙනවා මාව කලාවට යොමු කරන්න. නමුත් ඔහුවත් නොහිතපු අවස්ථාවක මට වයස අවුරුදු 3දීම රංගනයෙන් දායක වීමට අවස්ථාව උදාවෙනවා.

සාපේක්‍ෂව ඔබට චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණේ තරමක් අඩුවෙන්. ඊට හේතුව මොකක්ද?

අපේ තරුණ කාලෙදි චිත්‍රපටවලට සම්න්ධ වෙන්න බොහොමයක් අවස්ථාවන් ලැබුණා. නමුත් වැඩ ගොඩක් බදාගෙන කිරීමේ පුරුද්දක් නැති නිසා ඒ නිර්මාණ බොහෝමයක් මඟහැරුණා. ටෙලිනාට්‍යවලට දින වෙන්කර ගැනීමෙන් පසුව හොඳ චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් ඒවා ප්‍’රතික්ෂේ’ප කරන්න මට සිද්ධ වුණා. ඒ ගැන පුංචි ප’සුතැ’වීමක් තිබුණත් එය අතීතයට එක්වුණු දෙයක්. ඒ නිසා මෙතෙක් ආ ගමන ගැන සතුටු වෙනවා.

රංගන කටයුතුවලට සැමියාගෙන් ලැබෙන දායකත්වය කෙබඳුද?

බිමල් තමයි මගේ ජීවිතේ හැමදේම. මගේ වෘත්තීයමය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයට ඔහු ලබාදෙන සවිය කියා නිම කළ නොහැකියි. මට දැන් මහන්සියි, පුංචි විවේකයක් අවශ්‍යයි කියා කීවම මට අවශ්‍ය එකී පරිසරය ගොඩනඟන්න ඔහු මහන්සි වෙනවා. ඔහු මගේ සෙවණැල්ල කියන්න බැහැ. මං වාගේම මාව බලාගන්නේ ඔහු. ඇතැම් විට මටත් වඩා මාව ඔහුට තේරෙනවා.

රංගන ජීවිතයෙන් ඔබ්බට පියවරක් ඉදිරියට තියලා අධ්‍යක්‍ෂණයට, නිෂ්පාදනයට යොමුවෙන්න අදහසක් නැද්ද?

මට ලිවීමේ හැකියාව තියෙන නිසා පිටපතක් ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ නිර්මාණයක් කරන්න ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි. මං කැමැතියි මං ලියන චිත්‍රපටය හෝ ටෙලිනාට්‍ය බිමල් අධ්‍යක්‍ෂණය කරනවා නම්. බිමල් අධ්‍යක්‍ෂණය කරන නිර්මාණය මං නිෂ්පාදනය කරනවා.

සුජානි මේනකා කියන්නේ ගොඩක් පොත්පත් ඇසුරු කරන්නියක්ද?

මගේ ජීවිතේ හරියට දෙකට බෙදුවොත් එහි හරි අඩක් වෙන්වෙන්නේ කියැවීමට.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles