Saturday, April 20, 2024

කොවිඩ් ආසාදිතයන්ගේ සැලකියයුතු අඩුවීමක්

කොළඹ නගර සීමාව තුළ වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ රෝගීන් හඳුනාගත් වහාම ප්‍රජාව තුළින් ඔවුන් ඉවත්කර ගැනීමට හැකියාව ලැබීම බවද ඔහු පෙන්වා දෙයි.

“මේ වනවිට කොළඹ නගරය තුළින් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකට පමණ අඩුවෙලා තියෙනවා. මීට පෙර ආසාදිතයින් 350ක් 360ක් වගේ අපිට දිනපතා වාර්තා වුණා. එය මේ වනවිට 90ත් 110ත් අතර ප්‍රමාණයකට පැමිණ තිබෙනවා. මෙයට ප්‍රධානම හේතුව ආසාදිතයින් සොයා අප සිදුකරණ PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ. ඒ තුළින්  අපිට රෝගීන් හමු වූ වහාම ඔවුන්ව ප්‍රජාව තුළින් ඉවත් කරගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම හුදකලා කර තිබෙන හල්ගහවත්ත, මරදාන සහ වෑකන්ද කියන ප්‍රදේශවලිනුත් මේ වනවිට සීමිත ආසාදිතයින් සංඛ්‍යාවක් තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා ඉක්මණින් හුදකලා තත්ත්වයන් ඉවත් කරන්නට හැකියාව ලැබේවි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles