Thursday, April 25, 2024

කොවිඩ් එන්නත මෙරටදීත් නිෂ්පාදනයට ?

කොවිඩ් නයින්ටීන් මර්දනය සඳහා චීනය හඳුන්වා දුන් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා චීන තානාපතිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, කල් ඉකුත් වීමට ළඟ කොරෝනා එන්නත් තොගයක් චීනයෙන් ලංකාවට එවු බවට ඇතැම් මාධ්‍යවල පළ වන බවය.

“අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ එන්නත් මෑතකදී හැදුවේ. චීනය විසින් අපිට ලබාදුන් ‘සයිනොෆාම්’ එන්නතේ කල් ඉකුත්වීමට තව අවුරුදු දෙකක පමණ කාලයක් තිබෙනවා. රට තුළ අමුද්‍රව්‍ය ගෙනල්ලා මේ එන්නත් නිෂ්පාදනයට ඇති හැකියාව සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. “

මේ අතර චීන තානාපති කාර්යාලය ද ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන එන්නත් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින බවය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණය අදත් සිදුකෙරුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු ‘සයිනොෆාම්’ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවේ අනුමැතිය හිමිවිය.

එය ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ඊයේ (08) දිනයේම එම එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ වූයේ පානදුර ප්‍රදේශයෙනි. 

ඒ අනුව ඊයේ දිනයේදී එන්නත ලබාදුන් පුද්ගලයින් ගණන සියයකි.

අද දිනයේදී පානදුර කඩවීදිය 685 A සහ 685 B යන ග්‍රාමසේවා වසම් දෙකේ 400 දෙනෙකුට එන්නත ලබාදීම සිදුකෙරුණි.

එමෙන්ම හොරණ ගුරුගොඩ ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් දහසකටද සයිනොෆාම් එන්නත ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 700 දෙනෙකුටත් සයිනොෆාම් එන්නත ලබා දීම අද සිදුකෙරුණා.

එන්නත්කරණය සිදුකෙරුණේ කිරුලපන ප්‍රදේශයේදීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles