Friday, April 19, 2024

කොවිඩි නිසා නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
2022 ලෝක කුසලානයෙන් ඉවතට

අප්‍රිකානු කලාපයේ පැතිර යන ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ සිම්බාබ්වේ හි පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා.
එළඹෙන ලෝක කුසලානය සදහා පාකිස්තානය , බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සුදුසුකම් ලැබු බව ICC නිල වශයෙන් දැනුම් දුන්නා.
එමෙන්ම සිම්බාබ්වේ හිදි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබිමෙ වටයේ සියලු තරග අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සිම්බාබ්වේ හීදි 2021 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබු තරගය අවලංගු කර තිබෙනවා.
සිම්බාබ්වෙන් වාර්තා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම මෙම තරගය ක්‍රීඩා කිරීමට අකමැත්ත පළ කර ඇති බවටයි.

කෙසේවෙතත් තරග කාලසටහනට අනුව අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තායිලන්තය සහ අමරිකාව අතර තරගයත් පකිස්තානය සහ සිම්බාබ්වේ අතර තරගයත් නියමිත පරිදි පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරි ඈෂ්ලි ද සිල්වා උපුටා දක්වමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කලේ සියලුම කණ්ඩායම් තවමත් සිම්බාබ්වේ හි රැඳී සිටින බවයි.

තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළා

මෙම තරගාවලියට සහභාගීවීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 03 දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇතැයි මීට සතියකට පමණ පෙර තහවුරු වුණා.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රිඩිකාවන් 6 දෙනෙකු මීට පෙර කොවිඩ් ආසාදනය වී සිටියා. එමෙන්ම ඊයේ තරගයට පෙර සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී බව තහවුරු වී තිබෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව – සිම්බාබ්වේ – ලෙසොතෝ – නැමීබියාව – ස්වාසිලන්තය සහ බොට්ස්වානා යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමටද ශ්‍රී ලංකාව තීරණය කරනු ලැබුවා.

මේ සමඟ දැනට පවතින ICC කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගනිමින් ‘පාකිස්තානය’, බටහිර ඉන්දීය කොදෙව් දේශය’ සහ ‘බංගලාදේශය’ යන රටවල් 3 නිතරගයෙන්ම 2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ බවද ICC ය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව 2022 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නොහැකි වන අතර 1993 වසරෙන් පසු ශ්‍රී ලංකාව ක්‍රීඩා නොකරන පළමු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය බවට 2022 ICC Women’s Cricket World Cup තරගාවලිය පත් වේ.

මෙම තත්වය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අත් වීමට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ 2020 මාර්තු 02 වැනිදා බංග්ලාදේශයට එරෙහිව 2020 ICC T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලනයේ ක්‍රීඩා කළ තරගයට පසු 2021 නොවැම්බර් වන තෙක් කිසිඳු එක්දින ජ්‍යාතන්තර තරගයක් ක්‍රීඩා නොකර තිබීමයි. මේ වන විට ශ්‍රී ලංකාව ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි අයර්ලන්තයටත් පහළින් 10 වන ස්ථානයේ පසු වේ.

ඒ අනුව ‘ICC Women’s Cricket World Cup 2022’ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව නොමැතිව පහත රටවල් 8 හි සහභාගිත්වයෙන් 2022 මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වෙනු ඇත.

  1. නවසීලන්තය
  2. ඉන්දියාව
  3. ඕස්ට්‍රේලියාව
  4. දකුණු අප්‍රිකාව
  5. එංගලන්තය
  6. පාකිස්තානය
  7. බංග්ලාදේශය
  8. බටහිර ඉන්දීය කොදෙව් දේශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles