Thursday, April 25, 2024

කොවිඩි වැඩිවීමක් – දින 10කදී නව කොවිඩ් රෝගීන් 700ක්

අඛණ්ඩව දින 10 කට අධික කාලයක් තුළ මෙරට දෛනිකව වාර්තාවන කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙනවා.

ඊයේ (21) දිනයේ දී වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 697ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින්  සංඛ්‍යාව 556,626 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මස අවසාන සතියේ දී කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.

ඊයේ (21) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් පුද්ගල මරණ 19ක් ‍තහවුරු කළ අතර මෙම මරණ පෙරේදා (20) දිනයේ දී සිදු වූ බව සඳහන්.

එම පුද්ගල මරණ සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 14,127ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූ පුද්ගලයින් 381 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

එසේ සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 526,734ක් දක්වා ඉහළ යනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles