Thursday, April 25, 2024

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක විදුලි කාන්දු වීමකින් ගින්නක් හටගනී

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක විදුලි කාන්දු වීමක් හේතුවෙන් අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබෙනවා.

පොල්කටු අඟුරු, ප්ලාස්ටික්, ගල් අඟුරු, හිස් බැරල්, ප්ලාස්ටික් බාල්දි ඇතුළු ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක ඇතිවී තිබෙන මෙම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට මේ වන විට සොයාගෙන ඇති අතර, වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අවට වෙළෙඳසැල්වලට ගින්න පැතිරී යාමට නොදී පාලනය කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බව ද වාර්තා වනවා.

Hiru News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles