Friday, April 26, 2024

කෝපා කමිටුවෙන් තවත් අනාවරණයක් – මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කරලා

මහා භාණ්ඩාගාරය දැනුවත් නොකරමින් ව්‍යාපෘති 4 ක් සඳහා සෘජු විදේශ මූල්‍යාධාර වියදම් කර ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

2017, 2018 සහ 2019 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශ නිලධාරින් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේ එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙහිදී අමෙරිකානු ඩොලර් මිලියන 9.96ක් වටිනා ව්‍යාපෘති 3 ක් සහ යූරෝ මිලියන 1.86ක් වටිනා ව්‍යාපෘතියක් මෙලෙස සෘජු විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි ආධාර ලැබීම සහ වියදම් කිරීම පිළිබඳව මහා භාණ්ඩාගාරය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles