Friday, April 19, 2024

ගන්නවා නම් ගන්නේ නීතියට අනුව

ශ්‍රී ලංකාවට සියලුම පොහොර ගෙන්වන්නේ පොහොර පනතට අනුව අදාල ප්‍රමිතියට අනුකූල නම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

විදේශයක සිට ගෙන්වන ඕනෑම පොහොර වර්ගයක් රටට ඇතුළු කර ගන්නේ සාම්ප්‍රදායික නීතියට අනුව බවට වගකීමෙන් අවධාරණය කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අලුත්ගමගේ මහතා කීවේ ලබන නොවැම්බර 5 ත් 10 ත් අතර දිනවල ගොවිජන සේවා මධ්‍යස්ථානවලට සියලුම පොහොර ලබා දෙන්නට හැකි වනු ඇති බවයි.

දේශීයව නිෂ්පාදනය කරන කාබනික කොම්පෝස්ට් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දෙමින් සිටින අතර ජෛව දියවර දියර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් සිටින බව කී අලුත්ගමගේ මහතා මේ වන විට අම්පාරේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අවශ්‍ය පොහොර ලැබෙන්නට සලස්වා තිබෙන බවද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles