Friday, April 19, 2024

ගෑස් හිඟය අද සිට ආපනශාලාත් වසා දමයි

මෙරට තුළ පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම අද (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය සදහන් කරයි.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බව.

මෙරට පවතින ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව ද සභාපති අසේල සමිපත් සදහන් කළේය.

ගැටළුවට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බඳින බවද සමස්ත ලංකා ආපනා ශාලා හිමියන්ගේ සංගමය සදහන් කළේය.

සංගමය සදහන් කළේ ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් අද (17)දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද වැඩි දුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles