Friday, March 29, 2024

ගුවන් සමාගම් 5ක් මෙරට ගුවන් ගමන් ඇරඹීමට සූදානම් වෙයි

ඉදිරි මාස දෙක තුළදී නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම් බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව අන්තර්ජාතික මට්ටමින් සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි, මෙම සමාගම් මෙරට ගුවන් සේවා ඇරඹීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව, නොවැම්බර් පළමුවැනිදා සිට ස්විට්සර්ලන්තයේ එඩ්ල් වයිස් ගුවන් සමාගම, රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය, සහ ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම, දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසූර් ගුවන් සේවය මෙන්ම, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සමාගම ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි, සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles