Friday, April 19, 2024

ගුවනින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයිනට

HomeNews

ගුවනින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයිනට

October 20, 202115

ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය අද අළුයම ගුවන් මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාන මගින්.

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇණවුම් කර ඇති අතර, ඉන් පළමු තොගය ලෙස ලීටර් ලක්ෂයක ප්‍රමාණයක් එලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එම දියර පොහොර තොගයේ බර මෙට්ට්‍රික් ටොන් 45 ක්. මෙම සතිය තුළ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමටයි සැළසුම් කර ඇති බව සඳහන්.

දිවයිනට රැගෙන ආ පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබෙනවා.

මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදාහැරීම අද දිනයේම ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ප්‍රකාශ කර සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles