Thursday, March 28, 2024

ගෙවීමට ඇති ණය වාරික කල් දමා උදව් කරන ලෙස චී නයෙන් ඉල්ලලා – ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි

චීනයට ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය වාරික කල් දමා උදව් කරන ලෙස ඉල්ලා ඇති බව ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි.

විදේශ විනිමය සංචිත සිදී යාම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බවද එම වාර්තාවේ සඳහන් වේ.

විදුලිය විටින් විට විසන්ධි කරන බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රට පුරා දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වාර්තාව කියයි.

දැනට ශ්‍රී ලංකාව වීමට ඇති ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය අපේක්ෂා කරමින් සිටින බව ද එහි සඳහන්ය.

අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ආනයනය සඳහා මුදල් සැපයීමට විදේශ විනිමය සංචිතය හිග වීම මත ආහාර ඖෂධ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම අඩු මට්ටමකට පත්ව ඇතැයිද වාර්තාවේ සඳහන් වෙයි.

කඩදාසි ආනයනයට ඩොලර් හිගිය බලපා ඇති නිසා මිලියන ගණනක් සිසුන් වෙනුවෙන් විභාග ප‍්‍රහන් පත‍්‍ර පවා මුද‍්‍රණය කර ගත නොහැකි තැනකට රට පත්ව ඇතැයිද වාර්තාව තව දුරටත් කියා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles