Wednesday, April 24, 2024

චීනයේ කොවිඩ් හදිසියේ යළි මතුවෙි

චීනය තුළ යළි හදිසියේ මතුවූ කොවිඩ් රැල්ලක් හේතුවෙන් එරට කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ප්‍රදේශ වසා දැමීම ඇතුළු දැඩි කොවිඩ් රෙගුලාසිවලට යටත්වීමට සිදුව ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

ප්‍රධාන බහුජාතික සමාගම් රැසක මෙහෙයුම්ද නතරවී තිබෙනවා. ඒ අතරට ටොයෝටා, වොක්ස් වැගන් සහ ඇපල් යන සමාගම්ද අයත්. ප්‍රදේශ වසා දැමීමෙන් සැපයුම් ජාලද බිද වැටී තිබෙනවා. මෙම තත්ත්වය සැලකෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ සිට වාර්තාවූ විශාලතම බලපෑම ලෙසයි.

අද දිනයේ පමණක් චීනයෙන් කොවිඩ් ආසාදිතයින් 5,000 කට වඩා වැඩියෙන් වාර්තාවී තිබෙනවා. චීනයේ ඊසානදිග ප්‍රදේශයේ මිලියන 24 ක ජනතාවට නිරෝධායනයනය වන ලෙස නියෝග කර ඇති අතර කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවූ සමයේ වුහාන් පලාත වසා දැමීමෙන් පසු සම්පූර්ණ පළාතක්ම වසා දැමූ පළමු අවස්ථාව මෙයයි.

මෙි නිසා චීනය යළි ත් වරක් සිය රට තුළ සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, චීනයෙන් වාර්තා වන නව කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (මාර්තු 15) අඟහරුවාදා දිනය වන විට 5,280ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව පෙර දිනට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ය.

ඒ අනුව, අද දිනය වන චීනයේ මිලියන 30ක ජනතාවකට යළි සංචරණ සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඔමික්‍රෝන් කොරෝනාවෛරස ප්‍රභේදය චීනය තුළ යළි ත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව, චීනයේ ඊසානදිග පළාතක් වන ජිලින්හි ඊයේ දිනය තුළ නව රෝගීන් 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයේ ජනතාව වඩා ත් දරුණු ලෙස පීඩාවට පත්ව තිබේ.

අවම වශයෙන් මේ වන විට එරට නගර 13ක් සම්පූර්ණයෙන් ම වසා දමා ඇති අතර තවත් නගර කිහිපයකට අර්ධ වශයෙන් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මිලියන 12 යි දශම 5 ක් වෙසෙන චීනයේ “ෂෙන් සෙන්” නගරය දින 05 කට වසා දමා ඇත්තේ සියලු බස් රථ සහ උමන් මාර්ග සේවාද අත්හිටුවමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles