Thursday, March 28, 2024

චීනය උඩරටත් අල්ලයි

මහජන චීන සමූහාණ්ඩුවේ චින්ඩාවෝ (Qingdao) නගරය හා ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගීතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගිය (15) දා මහනුවර මහ නගර සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.

සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් චීනයේ චින්ඩාවෝ නගරය වෙනුවෙන් එහි නගරාධිපති Zhao Haozhi මහතා ද මහනුවර නගරය වෙනුවෙන් එහි නගරාධිපති කේසර සේනානායක මහතා ද අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර මහනගර සභාවට පැමිණ සිටියේය.

ආර්ථික කටයුතු, නවීන තාක්ෂණ දැනුම, අධ්‍යාපන ශිෂ්‍යත්ව, සංස්කෘතික හා ආගමික, ක්‍රීඩා ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දෙරටේ නගර දෙක ගිවිසුමට අනුව සහයෝගීතාවෙන් කටයුතු කිරීමට නියමිත ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles