Friday, April 26, 2024

චීනය කෝප ගන්වමින් යුරෝපා සංගමය තායිවානය සමග අත්වැල් බැදගනී

තායිවානය සමග වන සබදතා වර්ධනය කරගනිමින් නව ආයෝජනවලට එළඹීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

මීට අදාළ යෝජනාවකට යුරෝපා පාර්ලිමේන්තුව අනුමැතිය පළකර ඇති ඇත්තේ පක්ෂව ඡන්ද 580ක් සහ විපක්ෂව ඡන්ද 26ක් වශයෙන් ලබාදෙමිනි.

මෙම යෝජනා චීනයේ කෝපයට හේතුවී ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ තමන් විසින් තම රටේ කොටසක් ලෙස සලකනු ලබන තායිවානය සමග ⁣අන්තර්ජාතික ප්‍රජාව වෙනත් රටක් ලෙස ගනුදෙනු නොකළ යුතු බවයි.

කෙසේවෙතත් යුරෝපා සංගමය තම තීරණය ඉදිරියට ගෙනයාමට කටයුතු කර ඇති අතර ඒ සදහා විශේෂ වෙළෙද කාර්යාලයක් තායිවානය තුළ ස්ථාපිත කිරීමට ද පියවර ගෙන තිබේ.

News 19.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles