Friday, March 29, 2024

චීන තානාපති තම රටෙහි උතුරු ප්‍රදේශයේ සංචාරයක!!!

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සැන්හොංග් (Qi Zhenhong) දින 2 ක සංචාරයක් සඳහා අද (15) හදිසියේ උතුරු පළාත බලා පිටත්ව යාමට නියමිතයි. තානාපතිවරයා සිය සංචාරයේදී උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශ නිරීක්ෂණය කරන බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා. විශේෂයෙන් තානාපතිවරයා මන්නාරම දූපතට සහ යාපනයට යන බව තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

ඔහුගේ මෙම සැලසුම්ගත ගමන තීරණාත්මක වන්නේ ඉන්දියාවේ ‘අදානි’ සමාගම එම ප්‍රදේශයේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සුදානම් වන බව ප්‍රකාශ කර තිබීම හේතුවෙනි. මන්නාරම දූපත පිහිටා ඇත්තේ ඉන්දියානු ප්‍රධාන භූමියේ සිට කිලෝමීටර් 20 කටත් වඩා අඩු දුරකින් වන අතර ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම තුලින් චීනය ඉන්දියාවට සිදුකළ හැකි බලපෑම තක්සේරු කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. මීට පෙර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරපිහිටි උතුරු දූපත් තුනක චීන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ස්ථාපනය කිරීමට නියමිතව තිබූ නමුත් චීනය විසින් එම ආයෝජනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ ව්‍යාපෘතිය දැන් ඇනහිට තිබෙනවා. මේ අතර දේශීය පරීක්ෂණ අසාර්ථක වීම හේතුවෙන් කාබනික පොහොර තොගයක් ප්‍රතික්ෂේප කිරීමට නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා මේ දිනවල යම් තරමකට පිරිහීමකට ලක්ව තිබෙන බවත් දැකගන්නට පුළුවන්.

මෙම පොහොර තොගයට අදාලව චීන සමාගම අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයට යන බවට තර්ජනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් ගෙවීමට එකඟවී සිටින බවත් ඊයේ(14) වාර්තා වුණා.කෙසේවෙතත් දැඩි ආර්ථික අසීරුතාවකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ආර්ථික සහන පැකේජයක් ලබාදීමට ඉන්දියාව සුදානම් වන බව ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

එහිදී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක හුවමාරුවක් සහ ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ණයක් ලබා දීමට පොරොන්දු වී තිබෙන බව පැවසෙනවා.මෙම වාර්තාවන් පළකර දින දෙකකට පසුව මෙලෙස හදිසියේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයකට එක්වීම ඉන්දියාවේ විශේෂ අවධානයට ලක්වීම නොවැලක්විය හැකි කාරණයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles