Wednesday, April 24, 2024

ජනප්‍රිය හෝ‍ටලක් සටන්කාමීන් අතට

අල්ෂබාබ් ස්ලාමීය සටන්කාමීන්, සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පිහිටි ‘හයත්’ නැමැති ජනප්‍රිය හෝටලය අත්පත් කරගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය එරට රාජ්‍ය නිලධාරින් නිතර ගැවසෙන හෝටලයක් ලෙස සැලකේ. අල්ෂබාබ් නැමැති ස්ලාමීය අන්තවාදී සංවිධානය, වසර කිහිපයක සිට සෝමාලියාවේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ. ඔවුන් එරට අගනුවර සහ තදාසන්න  ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියාවන්හි ද නිරතව සිටි. ‍මෙම සංවිධානය අල්කයිඩා ත්‍රස්ත ජාලයට සම්බන්ධ බවට සැලකේ.  සටන්කාමීන් පළමුව හෝටලය ඉලක්කකර, කාර් බෝම්බ දෙකක් එල්ල කර තිබේ. ඉන් හෝටලයේ ගේට්ටුව සහ ආරක්ෂාවට තබා තිබු, බාධක විනාශවීමෙන් අනතුරුව සටන්කාමීන් හෝටලය තුළට කඩා වැදී ඇත. ආරක්ෂක අංශ සාමාජිකයින් සහ හෝටලයේ රැදී සිටින ත්‍රස්තවාදීන් අතර දරුණු වෙඩි හුවමාරුවක් ද ඇති වු බව හෝටලයේ ආරක්ෂක නිලධාරින් විදෙස් මාධ්‍යට සදහන් කර ඇත.  මෙහිදී පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක බලධාරීහු පවසති. ආරක්ෂක අංශ හෝටලය යළි අත්පත් කර ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles