Wednesday, April 24, 2024

ජනාධිපති පිල හා අගමැති පිල ලෙස ආණ්ඩුව බෙදිලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වටකරගෙන ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටින බවත් සියල්ල වන්නේ මුදල් වලට බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා සඳහන් කරයි.

මින් ඉදිරියට පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද කිසිවක් නො ලැබෙනු ඇති බවත් මෙතෙක් ලබා දුන් මුස්ලිම් ඡන්ද 98% ක් යළි නොලැබෙන බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩු බිද වැටෙන තුරු මුස්ලිම් ජනතාව බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල සාකච්ඡාවක දී ඒ මහතා මේ අදහස් පළ කරන ලදි.

විසිවන සංශෝධනයෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොන් වී ඇති බවත් ජනාධිපති සහ අගමැති යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී ඇති බවත් පවසන ඔහු අගමැති තනතුර අද නමට පමණක් ඇති බවත් එහිදී තව දුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles