Thursday, April 25, 2024

ජනාධිපති ලේකමිවරයා සිටි සාකච්ඡාවක විස පොහොර ගෙන්වීමට අනුමැතිය දීලා පිටුපස ඇමැතිවරු ඉන්නවා – අනුරගෙන් හෙළිදරව්වක්

ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේනිතුවේදී පැවසුවේ විස පොහොර ගෙන්වීම පිටුපස ඇමැතිවරුන්ද  සිටින බවයි.

විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට ආණ්ඩුව අවසර දුන්නේ මේ නිසා බවත් ඔහු පවසයි. වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇති බවත් මේ විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රාම් 38 තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.  ඒමෙන්ම ලෙඩ් කිලෝවකට මිලි ග්‍රාම් 49ක් තිබී සොයාගත්  බවද ඔහු පවසයි.

ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවීම බවත් ඔහු පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles