Friday, March 29, 2024

ජල විදුලියත් නතරවන ලකුණු

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.41 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජලමට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19 වනතෙක් පමණි. මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 15.7ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 16.5% කි.

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 12.84 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 87.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 30.9%කි.

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 23.24 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 23.24ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 16.3% කි.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.10 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 31.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 22.1%කි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 24.72 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 152.6 වන අතර  එය සමස්ත ධාරිතාවයෙන් 34.5කි.

රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 8.48 දක්වා මේවනවිට පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ මීටර් 23 දක්වා පමණි. ඒ අනුව රන්දෙණිගල ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලිය ඒකක ගිගාවොට් පැය 60.5 ක් වන අතර එය සමස්ත විදුලිය ධාරිතාවයෙන් 56.3 කි.

දිනමිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles