Friday, April 19, 2024

ජවිපෙ බලය ඉල්ලන හේතුව හඳුන්නෙත්ති පැහැදිලි කරයි

රට පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාවගෙන් බලය ඉල්ලන්ගේ වස්තුව රැස්කිරීමට නොවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

නොච්චියාගම, මුදිතාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය වෙනස් බවත් ඒ වෙනසට ගැලපෙන ලෙස ජනතාව සංවිධානය කිරීමේ වගකීම ඔවුන්ට පැවරී ඇති බවත්ය.

එමෙන්ම ඔවුන්ගේ ඉල්ලක්කය වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රජයේ කාර්යබාර්ය, පෞද්ගලික අංශයේ කාර්යබාර්ය, ගොවියගෙ කාර්යබාර්ය, සැලසුම් කරන්නේ කෙසේද යන්න ඉලක්ක කිරීම බවද සඳහන්.

මීළඟ මහජන ආණ්ඩුව මේ රට තුළ නිර්මාණය කරන්නේ ඒ ඉලක්කය ඉගෙන ගත්ත, තේරුම් ගත්ත, ඒ ඉලක්කයට සංවිධානය වෙච්ච ජනතාවගෙන් බවද ඔහු සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles