Friday, April 19, 2024

ජාතික ආණ්ඩුවක අගමැති වෙන්න රනිල්ට උවමනාවක් නෑ

ජාතික ආණ්ඩුවක අගමැති වීමට මේ අවස්ථාවේදි රනිල් වික්‍රමසිංහ මහතාට වුවමනාවක් නැති බවත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට සියලු පාර්ශ්වයන් පාට පක්ෂ භේදයකින් තොරව එක්ව පොදු එකඟතාවක් ඇති කරගෙන වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ අදහස බවත් එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.   මාධ්‍ය වෙත ඊයේ (16) අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“ප්‍රතිපත්තිමය දේශපාලනයක නියුතු පක්ෂයක් වශයෙන් ද ආර්ථිකය ගැන ගැඹුරට හිතා තීන්දු තීරණ ගත් පක්ෂයක් වශයෙන් ද රට ආර්ථික අර්බුදයකට පත්ව ජනතාව බරපතළ ලෙස පීඩාවට පත්ව ඇති මෙවන් යුගයක ඒ සම්බන්ධයෙන් පෙනී සිටීමට අපට වගකීමක් තිබෙනවා. මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට පොදු එකඟතාවකට එළැඹීමට මාර්තු 25 දා හවස අප හයිඩ් පිටියේදී සත්‍යග්‍රහයක් පවත්වනවා. පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාටම අප ඒ සඳහා ආරාධනා කරනවා. කවුරු ජනාධිපති, අගමැති වුවත් කවුරු ආණ්ඩු පිහිටෙව්වත් වර්තමාන ගැටලුවලට විසඳුම් නැති නම් ජනතාව කබලෙන් ලිපට වැටෙනවා. ජනතාව ගැන හිතනවා නම් පෞද්ගලික පරමාර්ථ පැත්තකින් තබා සෑම දේශපාලනඥයාම පොදු එකඟතාවකට පැමිණිය යුතුයි. තරුණ තරුණියන්ට අනාගතයක් ගොඩ නැඟෙන්නේ එවිටයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles