Thursday, April 25, 2024

ජාතික ඉන්ධන බලපත්‍රය

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ අන්තර්ජාල සේවාව ඊයේ ආරම්භ වූ අතර පරිශීලකයන් සංඛ්‍යාව විශාල වීම නිසා එය ඇණ හිට තිබුණි.

නමුත් එම සේවාව දැන් නැවත යථාවත් වී තිබෙනවා.

ඔබ කළ යුත්තේ ඔබේ,

1. ජාතික හැඳුනුම්පත් අංකය
2. ඔබේ නම
3. වාහන අංකය
4. අදාළ වාහනයේ චැසි අංකය
5. ඔබේ සක්‍රීය දුරකථන අංකය

ඊට ලබාදීම පමණි. ඉන්පසු පළමු පියවරේදී ඔබට එක්වරක් පැමිණෙන මුරපදයක් (One Time Password) ලැබෙන අතර එයඇතුළත් කර ඉදිරි පියවරට යොමු විය හැකිය.

මෙහිදී එක් හැඳුනුම්පතකට වලංගු වන්නේ එක් වාහනයක් පමණි.

මේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසු නැවත පිවිසීමේදී ඔබට QR CODE එකක් ලැබෙනවා. රජය ඉන්ධන ලැබුණු වහා මෙහි ඔබට වෙන්කළ ඉන්ධන ප්‍රමාණය දක්වනු ඇති.

වාහනයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට සතියට දින දෙකක් ලබා දෙනවා. එයින් ඔබට ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

https://fuelpass.gov.lk/

වෙබ් අඩවියට පිවිස එම පහසුකම සඳහා ලියාපදිංචි වන්න

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles