Tuesday, April 16, 2024

ඥාතී සංග්‍රහය ඉවරද, අර්ජුන?

මහින්ද රාජපක්ෂ පාලන සමයේ එල්ලවූ චෝදනා අතර ප්‍රබලතම චෝදනාව වූයේ ඥාතී සංග්‍රහයයි. හතර වරිගයේම ඥාතී හිතමිත්‍රාදීන්ට තනතුරු, වරප්‍රසාද බෙදාහරිමින් රාජපක්ෂ පාලනය සිදුකල වරදට ජනතාව ලබාදුන් දඬුවම ඉතා ප්‍රබලය. රාජපක්ෂ රාජ්‍ය සමයේ එම ඥාති සංග්‍රහය දැඩිව විවේචනය කල පුද්ගලයෙක්වන අර්ජනු රණතුංග අමාත්‍යවරයාද එම ඥාති සංග්‍රහයම සිදුකරන්නට තමන්ට විලිලැජ්ජාවක් නැතිබව පෙන්වමින් තමන්ගේ බාල සොහොයුරු ධම්මික රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව මිස පරිපාලනය පිළිබඳ දැනුමක් නැති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙල රාජ්‍ය ආයතනයක සභාපතිවරයා ලෙස පත්කිරීම සහ අදාල අමාත්‍යංශයේ අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග ම එය සිදුකිරීම තුල ඉතා භයානක ආදර්ශයක් සපයා ඇත. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට යන කියමන නැවත සිහිපත් කරමින් රාජපක්ෂ පාලනයේ ඥාති සංග්‍රහය විවේචනය කල අර්ජුන විසින්ම තම සොහොයුරාට වරප්‍රසාද පිරිනමන්නේ කන්නට ඕනෑ විට කබරගොයා තලගොයා වනබව පෙන්වමින්ය.

මූලාශ්‍රය – ලංකාදීප වෙබ් අඩවිය (http://www.lankadeepa.lk/index.php/articles/354970)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles