Tuesday, April 23, 2024

ටියානා සුමනසේකර ජිමිනාස්ටික් ක්‍රීඩාවෙන් ඇමරිකාව බබලවයි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු ක්‍රීඩිකා ටියානා සුමනසේකර ජිම්නාස්ටික් ක්‍රීඩා තරගයකදී රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඇය නියෝජනය කරන ඇමරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම අදාළ තරගාවලියේදී සමස්ත රන් පදක්කම් සියල්ල දිනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය මෙම ජිම්නාස්ටික් තරගාවලියේ individual vault ඉසව්ව නියෝජනය කරමින් තරගවැදී ඇති අතර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඇමරිකාවේ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට වරම් හිමිවූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසට ටියානා සුමනසේකර ඉතිහාසයට එක්වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles