Thursday, April 25, 2024

ටෙලිකොම් සමාගමට බිලියන 16 ක ලාභයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් බිලියන 16ක වාර්තාගත ලාභයක් ලබා ඇතැයි ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා cia.lkට පැවැසීය.

එම වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් බිලියන 1.8ක ප්‍රතිලාභද ශ්‍රී ලංකා රජයට ලබාදුන් බවද ඒ මහතා කීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙහි නම සඳහන් වී ඇත්තේ වැරදීමකින්දැයි සිතන බවද ටෙලිකොම් සභාපතිවරයා පැවැසීය.

දැනටමත් පෞද්ගලිකකරණයට ලක්කර තිබෙන ටෙලිකොම් ආයතනය ඉකුත් කාලයේදී දිගින් දිගටම ලාභ ලැබූ ආයතනයක් බවද ඒ මහතා පැවැසීය.

කොවිඩ් වසංගතය පැවැති සමයේදී ටෙලිකොම් ආයතනයේ සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකරමින් මෙරට ආර්ථිකයට සුවිශාල ශක්තියක් බවට ටෙලිකොම් ආයතනය අමිල මෙහෙවරක් ඉටුකරන බවද ඒ මහතා කීය.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදකයා ලෙස ීඛඔ සමූහය 2022 වසරේ ප්‍රථම අර්ධයේදී තිරසාර වර්ධනයක් වාර්තා කරමින් පෙර වසරේ අදාළ කාලයට සාපේක්‍ෂව රුපියල් බිලියන 52.8ක ආදායමක් ලබා ඇත. එය සියයට හයක වර්ධනයකි. බදු ගෙවීමට පෙර ලාභය වර්ධනය සියයට 19.8කි. මුදලින් රුපියල් බිලියන 7.2කි.

ඉකුත් අප්‍රේල් සිට ජුනි දක්වා රටේ ඇතිවූ ආර්ථික අර්බුද කාලයේදී එම අභියෝගයද ජය ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙහෙයුම් ප්‍රවාහනය පෙර වසරට සාපේක්‍ෂව ඒ අනුව සියයට 21.2ක වර්ධනයක් ලබා ඇත. රුපියල් බිලියන 23.5 ක් ලෙස වාර්තා වී ඇත.

සමාලෝචිත කාලසීමාව අවසානයේ දී රුපියල් බිලියන 27ක මුදල් සහ මුදල්වලට සමාන වටිනාකම් වාර්තා කරගැනීමට සමාගමට හැකිවී ඇත. ලාභාංශද ඇතුළුව සෘජු සහ වක්‍ර බදු වශයෙන් 2022 අර්ධ වර්ෂය තුළ රුපියල් බිලියන 14ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවා ඇතැයිද ටෙලිකොම් සභාපතිවරයා කියා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles