Friday, March 29, 2024

ඩොලර් නැති නිසා කෝච්චි පීනි පනී!

මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ලෝකොමොටිවු ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ මහතා සඳහන් කළේ, ඊට නිසි විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී මගීන්ට තවත් ගැටලු ඇති විය හැකි බවය.

ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක් පිලී පැනීමට ලක්විය.

පසුගිය දා කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ වායු සමනය කරන ලද දුම්රිය කොල්ලුපිටියේදී පීලි පැනීමට ලක් වූ අතර එහිදී දුම්රිය වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසූවේ මෙවැන්නකි

ඔහු සඳහන් කළේ, මාර්ග නඩත්තුවට අවශ්‍ය අමුද්‍රව්‍ය හීඟය හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්වන බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් එම අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට දුෂ්කර වී ඇති බව ඔහු පැවසීය.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේවනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ දුම්රියක එන්ජිමක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබුණා. එම දුම්රිය එන්ජිම පීලි ගත කර ඊයේ දිනයේම ඉවත් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles