Thursday, April 25, 2024

ඩොලර් ප‍්‍රශ්නය විසදුනාම විදුලි ගැටලුවත් විසඳෙයි

මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් තාප බලාගාර සඳහා දැවිතෙල් නොලැබීම මත ඒවායෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එළඹෙන සතියේ සිට නොරොච්චෝල බලාගාරය හා ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වීම හේතුවෙන් කප්පාදුවක් නොමැතිව විදුලිය ලබා දිය හැකි වෙතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

මේ දිනවල සිදුවන විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles