Friday, April 26, 2024

ඩොලර් මිලියන 350ක් තුර්කියෙන්

තුර්කි රජය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

එරට එක්සිම් බැංකුව හරහා මෙම ණය මුදල ලබාදීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර මූල්‍ය සයෝගීතාව පිළිබද  අවබෝධතා ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණ සිටින තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් කවුසොග්ලු මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර තුර්කි රජයේ ආධාර යටතේ මන්නාරම ප්‍රදේශයේ නිවාස සියයක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කර තිබේ.

නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තුර්කි විදේශ අමාත්‍යවරයා අද(16) දිනයේ දිවයිනෙන් පිටත්වයාමට නියමිතය. lankadeepa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles