Friday, April 26, 2024

තවත් චීන පොහොර ජාවාරමක්ද? (Video)

චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවලින් අර්වීනියා (Erwinia) නමැති ක්ෂූද්‍ර ජීවීන් හමුවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (17) කරුණු පැහැදිලි කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ක්ෂූද්‍ර ජීවීන් හමු වී ඇත්තේ නිල නොවන මට්ටමින් චීනයෙන් පරීක්ෂණ සඳහා ගෙන්වූ කාබනික පොහොර සම්පලයකින් බවයි.

රජය ආනයනය කරන කාබනික නයිට්‍රජන් පොහොරවල සත්ත්ව ,ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට දින තුනකට උඩදී එනම් 14 වැනිදා සහතික විය.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ එවැනි ක්ෂුද්‍රජීවින් සිටින බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍යන්හි පළවන ප්‍රවෘත්ති අසත්‍ය බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසයි.

මේ අතර ඊයේ (17) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ SLSI ආයතනය නම් කරන ලද ස්වාධීන පරීක්ෂණාගාරයේ නිරීක්ෂණවලට අනුව ආනයනය කරන ලද පොහොරවල කිසිම ක්ෂුද්‍ර ජීවියෙක් නොමැති බව පැහැදිලව සඳහන් කර ඇති බවයි.

එහෙත් ඒ අතරතුර එම පොහොරවල සම්පල් කීපයක් නීත්‍යානුකූල භාවයෙන් බැහැරව මේ සමාගම්වලින් ගෙනවා ගත් බවත් කෙසේ වෙතත් එය ගෙනාපු ක්‍රමවේදය සහ බෙදූ ක්‍රමය පිළිබඳව අමාත්‍යංශයට ප්‍රශ්නාර්ථයක් ඇති බව ප්‍රකාශ විය.

තව ද අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස අවිධිමත්ව ගෙන්වූ පොහොර පරීක්ෂා කිරීමේදී එම පොහොරවල අර්වීනියා නමැති ක්ෂුද්‍ර ජීවියා සිටින බව හඳුනාගෙන ඇති බවයි.

තව ද අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා CID යට ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊට අදාළ NEWSFIRST වීඩියෝව

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles