Friday, March 29, 2024

තවත් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ඇමති ඉන්දීය විදේශ ඇමති සමග අන්තර්ජාල සාකච්ඡාවක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අන්තර්ජාලය ඔස්සේ අද සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඉන්දියාව මෑතක දී ලබා දුන් ඩොලර් 900කට අධික විනිමය සහන සම්බන්ධයෙන් මෙන්ම ඉන්දියාව එකඟ වූ ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියනයක් හා ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දීමට නියමිත අතර එම ණය මුදල ඉතා ඉක්මනින් නිදහස් කිරීම ගැන මෙහිදී අවධානයට ලක් විය.

මීට අමතරව බලශක්ති සුරක්ෂිත තාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රසාදය පලකලේය.

ශ්‍රී ලංකාව සඳහා නව ආයෝජන අවස්තා ඇතිකිරීමටද ඔහු සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වසනීයම රාජ්‍යය ලෙස අඛණ්ඩව පෙනී සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ අතිශය වැදගත් මෙම අවස්ථාවේදී සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමගද එක්ව ශ්‍රී ලංකාවට සහායවීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ඉන්දීය ව්‍යාපෘති සහ ආයෝජන සැළසුම් සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

මානුෂීය පදනමින් සළකා දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් හැකි ඉක්මණින් නිදහස් කරන ලෙස ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දන්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles