Friday, March 29, 2024

තිස්ස ජනනායක සමාව යදි…

මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පාක්ශික නොවී නිර්පාක්ශිකව, නිර්දේශපාලණිකව ජනතාව පැත්තේ සිට ගමි. ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා සහයෝගය දැක්වූයේ, එවකට ලංකාවේ පැවති වාතාවරණය යටතේ මා මෙන්ම බොහෝ දෙනා සාපේක්ෂව ඔහු එම තනතුරට ගැලපෙන බව විශ්වාස කල හෙයිනි. නමුත් එය එසේ නොවන බව අප සියලු දෙනාටම පසක්වී හමාරය. බොහෝ තරුණ තරුණියන් බිත්ති පුරා චිත්‍ර ඇන්දේද එබැවිනි . නමුත් මගේ මව් බිමට මෙහෙම කෙලවේ යැයි මා මෙන්ම ඒ කිසිවෙකු සිතුවේ නැත. මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දුන් දවසේම මා ෆේස්බුක් සටහනක් තැබුවේ පරන හොරුන් හටම නැවත නාම යෝජනා ලබාදීම පිලිබදව විරෝධය පල කරමිනි. දැන් තවත් නාටකයක් දැකිය හැක. එනම් කැබිනෙට්ටුව වෙනස් කිරීම ලෙස පරන අසාර්ථක චරිතම ලේබලය මාරු කරමින් පත්කරමින් සිටී. මෙසේ ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කර ජනතාවගේ සැබෑ හඩට දේශපාලකයන් සවන්දිය යුතුමය.”පෝලිම් කොහෙද තියෙන්නෙ ?”, “අපිට හූ කිව්වොත් අපිත් නිකන් ඉන්නේ නැහැ” වැනි උද්දච්ච ප්‍රකාශ නිකුත්කරන මැති ඇමතිවරුන් ඉවත් කර දැමීම වෙනුවට ඔවුන්ගේ ලේබල් මාරු කිරීම තවත් මහජනතාව කුපිත වන හේතුවකි. මේ රටේ අනන්තවත් දුර දක්නා නුවණැති, අවංක, රටට ආදරය කරන, දක්ෂ , ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ අත්දැකීම් ඇති දියුණු රටවල උපදේශකයන් පවා වී සිටි මහාර්ඝ මිනිසුන් සිටී. ඔවුන්ට අවස්තාව දී ඔවුන්ගෙන් වැඩ ගෙන මේ අර්බුදයට සැබෑ විසඳුමක් සකස් කරන තෙක් ජනතාව රැවටිය නොහැක. අරගලයට ජය!- තිස්ස ජනනායක -2022-04-04

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles