Saturday, April 20, 2024

තෙල් මදි නොකියන්න දෙයි!

ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා (28) පස්වරුවේ පැවසීය.

යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමන බව කී අමාත්‍යවරයා මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බව සඳහන් කළේය.

වෙනත් ත්‍රීවිල් සඳහා පැවැති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා කීය.

බස් රථ සඳහා මෙතක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ලොරි රථ සඳහා පැවැති ඉන්ධන ලීටර 75 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ඉහළ දැමූ බවත් සෙසු වාහනවල ද ඉන්ධන කෝටාව ඉහළ දැමූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles