Wednesday, April 24, 2024

තෙල් මිල ඉහළ යෑමේ වගකීම අපට ගන්න බෑ – සෞදිය කියයි

දිනකට පෙර හවුති කැරලිකරුවන් විසින් පිරිපහදුවකට සහ අනෙකුත් බලශක්ති පහසුකම්වලට එල්ල කළ ප්‍රහාර මාලාවකින් පසු තෙල් මිල ඉහළ යාම හෝ සැපයුම අඩාල වීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දරන්නේ නැති බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

දැනටමත් යුක්රේනයේ ගැටුමෙන් පීඩා විඳිමින් සිටින බලශක්ති වෙළෙඳපොළ සඳහා මෙම ප්‍රහාර බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පිළිගන්නා සෞදියේ ප්‍රකාශයක, ලෝකයේ තෙල් සැපයුම ආරක්ෂා කිරීම සඳහා හවුති සටන්කාමීන්ට විරුද්ධ වන ලෙස සෞදි රාජධානිය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

සෞදි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයේ දැක්වෙන්නේ, ත්‍රස්තවාදී හවුති සටන්කාමීන් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ ඉරානයේ අඛණ්ඩ හැසිරීමේ බරපතලකම ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධ කර ගැනීමේ වැදගත්කමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles