Friday, March 29, 2024

තේ වගාවට හොඳ කලක්!

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කළේය.

පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසේට් යෙදීම තහනම් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles