Wednesday, April 24, 2024

ථුපාරාමය අසල උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ථුපාරාම චෛත්‍ය අසල රථගාලේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් ඉවත් කිරිම අද අනුරාධපුර මහ නගර සභාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සහය ඇතිව සිදු කෙරිණ.

එහි දී වෙළදසැල් හිමියන් කිහිපදෙනෙකු නගර සභා නිළධාරින් සමග ඇතිවූ වචන හුවමාරුවෙන් උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

ථුපාරාම චෛත්‍ය පෙත්මග අසල වසර ගණනාවක සිට වෙළදාමේ නිරතවු තමන් හට මහ නගර සභාව මගින් පසුගිය සමයේ ථුපාරාම රථ ගාලේ නිත්‍යාණුකුලව වෙළදසැල් ලබා දුන්නත් නගර සභාවේ පොලිසිය හා පුරාවිද්‍යා නිළධාරින් පැමිණ පෙර දැනුම් දීමකින් තොරව වෙළදසැල් කඩාදමා එහි බඩු රැගෙන යාමෙන් දැඩි අපහසුතාවයකට පත්වු බව වෙළදසැල් හිමියන් පැවසූහ.

අනුරාධපුර මහා නගර සභාවේ නිළධාරින් පැමිණ වෙළදසැල් පරික්ෂා කර බැලිමේදි බොහෝමයක් වෙළදසැල් එහි හිමිකරුවන් නීතිවිරෝධිව පිටස්තර පුද්ගලයින් හට බදුදී තිබුණ අතර තවත් වෙළදසැල් කිහිපයක මල් වෙළදාම වෙනුවට වෙනත් භාණ්ඩ අලවි කරන අයුරු දක්නට ලැබුණි. ථුපාරාමය අසල ප්‍රධාන මාර්ගයට යාබදව ඉදිකර තිබු වෙළදසැලක් හා අඩි 10 සිමාව ඉක්මවා ඉදිකර තිබු සියළුම වෙළදසැල් ඉවත් කෙරුණි.

රථගාල අසල අපිරිසිදු ලෙස ගොඩගා තිබු දර කැබලි, තහඩු කැබලි කුරුම්බා හා තැඹිලි කෝම්බ නගර සභා ට්‍රැක්ටර් මගින් පටවා රැගෙන ගොස් ස්ථානය පිරිසිදු කෙරුණි.

තමන්ගේ කඩ ඉවත් කර ගැනිම සදහා කාලයක් ලබා දෙන ලෙස වෙළදසැල් හිමියන් කිහිප දෙනෙකු පොලිසියෙන් සහ මහ නගර සභා නිළධාරින්ගෙන් ඉල්ලා සිටියත් එම නිළධාරින් එයට විරෝධය පලකිරිම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවුණි.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධනගෙන් විමසිමක් කල අතර ඔහු මෙසේ පැවසීය.

මීට මාස කිහිපයකට ඉහතදි ථුපාරාම පෙත්මගේ ඉදි කර තිබු වෙළදසැල් සියල්ල ඉවත් කරනු ලැබුවා. 

ඉන් පසුව වෙළදසැල් හිමියන්ගේ දැඩි ඉල්ලීම මත පුරාවිද්‍යා නිළධාරින් සමග සාකච්ඡාකර රථගාල ආසන්නයේ අඩි 10 x 10 ප්‍රමාණයේ කඩකාමර 52 ක් ලබා දුන්නේය.

එහිදි පළමු කඩ 10 මල් වෙළදාම සදහා වෙන් කෙරුණා.එම අවස්ථාවේදි වෙළදසැල් හිමියන්හට උපදෙස් දුන්නා.

මහා විහාර අදාහන මළුව ආසන්නයේ වළාකුළු බැම්ම අසල හා මහා විහාර ඉඩමට යන මාර්ගය අවහිර කරමින් වෙළදසැල් ඉදි නොකරන ලෙසයි. 

නමුත් අවිධිමත් ලෙස කඩ ඉදිකර තිබේ.

අඩි 10 සීමාවෙන් එහා තිබෙන සියලු කඩ අද දින ඉවත් කලා.

මල් වෙළදාම් කිරිමට අවසර ඇති කඩ වල වෙනත් භාණ්ඩ අලෙවි කිරිම පිළිබදව අතුරු බදුදි තිබෙන කඩ යථා තත්ත්වයට පත් කර ගැනිමට වෙළදාම් නොකරන කඩ ආරම්භ කිරිමට දින 03 ක සහන කාලයක් ලබා දෙනු ලැබුවා ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles