Thursday, April 25, 2024

දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ

දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ.B.1.1.529 හඳුන්වා ඇති මෙම ප්‍රභේදය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද (26) දිනයේ නාමයක් ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.

එය මුල් දින වල තහවුරු වූ රෝගීන් තවමත් බොහෝ දුරට දකුණු අප්‍රිකාවේ එක් පළාතක සංකේන්ද්‍රණය වී ඇතත් එය තවදුරටත් ව්‍යාප්ත වී තිබිය හැකි බවට ඉඟි පලව තියෙනවා.


ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු අප්‍රිකාව, හොන්කොන්, බොට්ස්වානා හි සිට පැමිණෙන සංචාරකයින් දැඩි කොවිඩ් පරීක්ෂාවන්ට ලක් කෙරෙන බවයි.

නව ප්‍රභේදය කෙතරම් ඉක්මනින් ව්‍යාප්ත වන්නේද යන්න එන්නත් මගින් ලබා දෙන යම් යම් ආරක්‍ෂාව මඟ හැරීමේ හැකියාව සහ ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව වහ වහා සොයමින් පවතින බවයි වාර්තා වන්නේ. නව ප්‍රභේදය B.1.1.529 ලෙස හඳුන්වා දුන්නත් අතර බොහෝ විට අද (26 සිකුරාදා) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ග්‍රීක සංකේත නාමයක් (ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද වැනි) ලබා දීමට ඉඩ තිබෙන බවයි කියන්නේ.

දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Richard Lessells පැවසුවේ, “මෙම වෛරසය සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම, පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීමේ වැඩි දියුණු කිරීමේ හැකියාවත් ප්‍රතිශක්තිකරණ කොටස් වටා ගමන් කිරීමට ද හැකි විය හැකි බව ඔවුන් අපව කනස්සල්ලට පත් කරයි” යනුවෙනි.

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින්ද දැනටමත් මෙම නව ප්‍රභේදය ගැන අනතුරු අඟවා තිබේ. එහි විකෘති 32 ක් ඇති අතර, එම නිසා එන්නත පවා එයට එරෙහිව ඵලදායී නොවේ යන්න ඔවුනගේ අදහසයි. මෙම ප්‍රභේදය කොරෝනා ‘ස්පයික් ප්‍රෝටීනය‘ වෙනස් කිරීමෙන් වේගයෙන් ව්‍යාප්ත වේ.

දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පවසා ඇත්තේ මේ වන විට රට තුළ මෙම ප්‍රභේදයේ රෝගීන් 22 ක් සොයාගෙන ඇති බවයි.ලොව පුරා සමස්තය 59 කි.
විද්‍යාඥයන් එය B.1.1.529 ලෙස නම් කර ඇති අතර එය බරපතල සැලකිල්ලක් දක්වන ප්‍රභේදයක් ලෙස විස්තර කර ඇත. WHO හි Covid19 තාක්ෂණික ප්‍රධානී ආචාර්ය Maria Van Kerkhove පැවසුවේ ‘මෙම ප්‍රභේදය පිළිබඳව අපට වැඩි තොරතුරු ලැබී නොමැත. බහුවිධ විකෘති හේතුවෙන් වෛරසයේ හැසිරීම වෙනස් වෙමින් පවතින අතර මෙය සැලකිලිමත් විය යුතු කරුණකි‘ යන්නයි.

නව ප්‍රභේදයේ තර්ජනය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍යය අප්‍රිකාවේ රටවල් 6කට සහ ඉන් පිටවන ගුවන් ගමන් අත්හිටුවා තිබේ. මෙම රටවලට දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසෝතෝ සහ එස්වාටිනි ඇතුළත් වේ. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් පැවසුවේ එරට සෞඛ්‍ය ඒජන්සිය නව ප්‍රභේදය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි. අපට තවත් දත්ත අවශ්‍යයි, නමුත් අපි දැන් පූර්වාරක්ෂාව ගනිමින් සිටිමු. මෙම අප්‍රිකානු රටවල් 6 රතු ලැයිස්තුවට ඇතුළත් කෙරෙන අතර බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට නිරෝධායනය වීමට සිදුවනු ඇත.

දකුණු අප්‍රිකාවේ සිට හොංකොං වෙත පැමිණි පුද්ගලයින්ගෙන් ද මෙම වෛරසය සොයාගෙන ඇත. මෙම නව ප්‍රභේදය ප්‍රථමයෙන් අනාවරණය වූයේ එරට රීගල් ගුවන්තොටුපළ හෝටලයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙනි. හොංකොං හි සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානයට (CHP) අනුව, මෙම සිද්ධීන් දෙකම B.1.1.529 ප්‍රභේදයට අයත් බව විමර්ශනයේදී අනාවරණය විය. පළමු පුද්ගලයා වායු කපාටයක් සහිත මුහුණු ආවරණයක් පැළඳ සිටි අතර දෙවන පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ මෙම ආවරණය ස්පර්ශකිරීම නිසා ය.

හොංකොං සහ බොට්ස්වානා සිට පැමිණෙන මගීන් පරීක්ෂා කිරීමට ඉන්දියාවේද සියලුම ගුවන් තොටුපළ වෙත උපදෙස් ලබා දී ඇත. විශේෂ අවධානයක් යොමු කරන ලෙස මධ්‍යම රජය ප්‍රාන්තවලට උපදෙස් දී ඇත. දකුණු අප්‍රිකාව, හොංකොං සහ බොට්ස්වානා සිට පැමිණෙන සංචාරකයින් හොඳින් පරීක්ෂා කරන ලෙස ප්‍රාන්තවලින් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles