Tuesday, April 23, 2024

දකුණු අප්‍රිකාව අවසන් තරගයට…

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ප්‍රබල රටක් වන දකුණු අප්‍රිකාවට පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි.

පිරිමි හෝ කාන්තා යන දෙඅංශයෙන් හෝ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 යන ඕනෑම තරඟ රටාවක් තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට දකුණු අප්‍රිකානු කණ්ඩායම තේරී පත් වූ පළමු අවස්ථාව මෙයයි. 

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 6කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකණු 164යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

මෙවර කාන්තා ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන දකුණු අප්‍රිකාව මූලික වටයේ සහභාගී වූ තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයටද පත් වුණා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles