Saturday, April 20, 2024

දකුණු ආසියාවේ පළමු ගුවන් විදුලි නාලිකාව සිය අවසාන දශකයට ලඟාවෙයි…

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) අද්විතීය උරුමයක් සහිත සන්නිවේදන ආයතනයක් ලෙස ලෝකය පුරා ප්‍රකටව පැවැති ආයතනයකි. පසුගිය දශක කිහිපය තුළ පැවැති රජයන් විසින් කරන ලද අවිධිමත් පත්කිරීම්, ආකාර්යක්ෂම සේවකයින්, වර්තමානයේ පවතින දුර්වල කළමනාකරණය හේතුවෙන් එය වැසී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

සුදුස්සන් ආයතනයෙන් ඉවත් වී හෝ සේවය අත්හැරගොස් ඇති අතර නුසුදුස්සන් පාලනය කිරීමේ ආදීනව නිසා ඒහි සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මක කර ඇත.

ඒ් අනුව වර්තමානයේ ගුවන් විදුලි සංස්ථාව තුළ සේවයේ නියුතුව සිටින අතළොස්සක් වූ කීර්තිමත් නිවේදකයන්, දක්ෂ නිෂ්පාදකවරුන් සහ අත්දැකීම් බහුල පරිපාලකයන් සේවයෙන් විශ්‍රාම යන බව දන්වා ඇත.

නිදා සිටින යෝධයෙක්, නිධානයක් උඩ නිදන මිනිසෙක් බඳු ගුවන් විදුලි සංස්ථාව පසුගිය පොදුජන එක්සත් පෙරමුණු, එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ පොදුජන පෙරමුණු ආණ්ඩු වලින් පත්කළ දූෂිත නිලධාරීන් සහ අවිධිමත් බඳවාගැනීම් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බවට සේවකයෝ මැසිවිලි නඟති.

වැටුප් ගෙවීම් සඳහා පැවැති ස්ථිර තැන්පතු මුදල් පවා මේ වන විට වියදම් කර අවසන් වී ඇති අතර, ප්‍රාදේශීය නාලිකා පවත්වාගැනීමේ දුෂ්කරතාව නිසා ජුනි මස මුල් සතියේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය නාලිකා සියල්ල වසා දැමෙනු ඇත. මේ වන විට ඒවැනි ප්‍රාදේශීය සේවා කිහිපයක්ම අක්‍රිය තත්ත්වයේ පවතී.

ජුනි මාසයේ සිට ප්‍රාදේශීය සේවා ස්වදේශීය සේවය සමඟ ඒ්කාබද්ධ කොට විකාශන කටයුතු ක්‍රියාත්මක වන අතර ඉදිරි කාලය තුළ ආයතනය වසා දැමීමේ අනතුරක පවතින බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles