Friday, March 29, 2024

ද්වන්ධ සටන අදයි… වැඩි වාසි ඩලස්ට..

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.

ඡන්ද විමසීම සදහා අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත්වී ඇති අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අපේක්ෂකයින් වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මඟින් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර පාර්ලිමේන්තුව හා ඒ අවට අද දිනයේදි දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා.

මේ වන විට පාර්ලිමේන්තුවේ බෙදී ඇති පක්ෂ සහ කණ්ඩායම් වල සාමාජිකයින් පවසන ආකාරයට වැඩි පිරිසකගේ සහාය හිමිවන්නේ ඩලස් අලහප්පෙරුම මහතා වෙතයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ වැඩි සහායක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ සහය පමණක් හිමිව ඇති බව සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඒ පක්ෂයේ සාමාජිකයන් තිදෙනා හැර වෙනත් පාර්ශව සහාය දක්වන බව මෙතෙක් ප්‍රකාශ කර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles